මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
ගුණ නැණ නිපුණතාවලින්.පිරිපුන් දරු කැලක් බිහි කිරීමට සමත් ප්‍රියමනාප පාසලක්.
අපගේ සිසු දරු දැරියන් ඉගෙනුමට ඉගෙනීමටත් ජීවන ගැටලූ ජයගැනීමටත්අන්යයන්ට ගරු කිරීමටත්විනය ගරුක වීමටත් හුරු පුරුදු කර සමාජගත කිරීම අපගේ මෙහෙවරයි.