පානකාව මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

නායකත්ව පුහුණු වැඩමුළුව සඳහා සිසුන් තොරාගැනීම සිදු වේ.අයදුම් පත් යොමු කිරීමට අවස්ථාව

IMG-20230105-WA0015.jpg
IMG-20230105-WA0015.jpg

1910 වර්ෂයේදී කෑ/පානකාව රෝමානු කතෝලික පාසල ආරම්භ කරන ලදීී.ඒ වන විට මෙහි විදුහල්පතිවරයා වශයෙන් පී.ඒ. ප්‍රනාන්දු මහතා වැඩ කටයුතු කර ඇත. උපගුරු ගුරුවරියක වශයෙන් ජේ.ඒ.පී.බස්නායක මහත්මිය ද වැඩ කටයුතු කර ඇත.අප පාසලේ මුල්ම ශිෂ්‍ය වන්නේ එම්.ඩිංගිරි හෙවත් ඩේවිඩ් ශිෂ්‍යයාය. මුල් කාලයේ සිසුන් විසි දෙනකු හා ගුරුවරුන් දෙදෙනෙකුගෙන් ආරම්භ වුණු  පානකාව කතෝලික මිශ්‍ර පාසල 1962-05-21 දින රජයට පවරා ගන්නා ලදී. පසුව 1963-11-06 දින කෑ/පානකාව මහා විද්‍යාලය නමින් ලියාපදිංචිකර රජයේ පාසලක් බවට පත්විය. 1910 වර්ෂයේදී සිට අද දක්වා වසර112 ක පමණදීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කෑ/පානකාව මහා විද්‍යාලය අද වන විට දීප්තිමත් පාසලක් ලෙස  දිදුලමින් ඉදිරියට ගමන් කරයි.