ශ්‍රී ජය ශ්‍රී විද සැරදේවා
පානකාව විදුහල් මාතා
මිණිමුතු පරයන සිසු නැණ හොබවන
විදු මිණි පහන ඔබයි
පරසිදු කෑගලු පුරවර සුදිලෙන
දිනිසුරු තරිදු ඔබයි
සිප්ආලෝකය දී දැය වඩවා
ජයසක් හඩ නන්වා
හෙළ රජදහනේ විකුමන් පෑමට
විරුවන් බිහි කරවා
ගුණ නැණ විදු දම් අභිනන්දනයෙන්
විදුහල හොබවාලා
දෙස බස රැස නංවන අභිමානෙන්
යමු නව යුගය කරා
ශ්‍රී ජය ශ්‍රී විද සැරදේවා
පානකාව විදුහල් මාතා....//





